තාලිබාන් ත‍්‍රස්තයන්ට බියේ ඇෆ්ගන් හමුදා භටයෝ තජිකිස්තානයට පැනයති

253

තැලිබාන් ත‍්‍රස්තවාදීන්ට බියේ සිය ගණනක් ඇෆ්ගන් හමුදා භටයෝ තජිකිස්තානය වෙත පැන යන බව වාර්තා වේ.
 
 තජිකිස්තාන් ආරක්‍ෂක හමුදාව පැවසුවේ
 
 ඇෆ්ගන් හමුදාවේ 300කට අධික භටයන් තජිකිස්තාන් දේශසීමාව හරහා එරටට පැමිණි බවයි.
 
 ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටට යන බවට වාර්තා වූ විගස රජයේ පාලනය යටතේ පැවැති නගර සහ ප‍්‍රාන්ත රැුසක් තාලිබාන් පාලනයට නතුවී ඇත.
 
 මේ අතර ඇෆ්ගනිස්තානයේ එක්සත්ජාතීන්ගේ කාර්යාලවල සිටි කාර්ය මණ්ඩලය ද ලහිලහියේ ඉවත්කර ගන්නා බවට වාර්තා විය.
 
 ඇමෙරිකාව සහ නේටෝ බළකාය
 
 ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම තුළින් සිය රට ත‍්‍රස්තවාදීන්ට යළි පාවාදීමට කි‍්‍රයාකර ඇතැයි
 
 ඇෆ්ගන් ජනතාව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment