තාලිබාන් ත‍්‍රස්තයෝ යටත් වූ ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන් 22ක් ඝාතනය කරති

589

තාලිබාන් ත‍්‍රස්තවාදීහු උතුරු ඇෆ්ගනිස්තානයේ දබ්ලට් අබාඞ් නගරයේදී යටත්වූ ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන් 22ක් වෙඩි තබා මරා දමා ඇත. වෙඩි උණ්ඩ නිමා වීම නිසා මෙම කොමාන්ඩෝ භටයන් තාලිබාන් ත‍්‍රස්තයන් හමුවේ යටත් වී තිබේ. ඇමෙරිකානු පුහුණුව ලත් මෙම කොමාන්ඩෝ භට පිරිස බේරා ගැනීම සඳහා ඇෆ්ගන් රජය අතිරේක භට පිරිසක් යවා නැත.

ඝාතනයට ලක් වූවන් අතර විශ‍්‍රාමික ඇෆ්ගන් ජෙනරාල්වරයකුගේ පුත‍්‍රයෙකු ද වේ. මෙම කොමාන්ඩෝ භටයන් මිලෙච්ඡු ලෙස ඝාතනය වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද නිතුත් වී ඇත. ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන් පිරිස සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත් බව තාලිබාන් සංවිධානය පැවසූවත් එම භට පිරිසට වෙඩි තබා මරාදමා ඇතැයි තහවුරු වී තිබේ.

යටත් වූ ඇෆ්ගන් භටයන්ට වෙඩි නොතබන ලෙස ඇෆ්ගන් වැසියෙක් ඉල්ලා සිටියත් අල්ලාහු අක්බාර් යැයි කෑගසූ තාලිබාන් ත‍්‍රස්තයෝ ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇත. මෙම ඇෆ්ගන් භටයන්ට ගුවන් සහය ලබාදීමට ඇෆ්ගන් රජය ක‍්‍රියාකර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment