තාලිබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙය වන්නා ඇතුළු ත‍්‍රස්තයෝ 10ක් ජිනීවා පැමිණෙති

488

ස්විස් රජය ත‍්‍රස්තයන් 9 කගේ නම් හෙළි නොකරයි

තාලිබාන් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙය වන්නා වූ ලතිපුල්ලා හකිමි ඇතුළු ත‍්‍රස්තයන් 10ක කණ්ඩායමක් මානුෂික ආධාර ලබාගැනීමේ සාකච්ඡුා සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට පැමිණ ඇත.

පකිස්තාන් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි හකිමි සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙල යටතේ මුදාහැර තිබුණි.

මෙම තාලිබාන් කණ්ඩායම ජිනීවා නුවරට ගෙන්වා ඇත්තේ ජිනීවා කෝල් නමැති රාජ්‍ය නොවන සංවිධානයයි.

ලතිපුල්ලා හකිමි 2004 දී කාබුල් නුවරදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකටද 2005 දී භටයන් 16ක් සමඟ ඇමෙරිකානු හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙලීමේ සිද්ධියකටද සම්බන්ධ වූවෙකි. මේ අතර ස්විස් විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසූවේ තාලිබාන් කණ්ඩායම ජිනීවා පැමිණියත් ඔවුන්ව නිල වශයෙන් පිළිගෙන නැති බවයි. මෙම තාලිබාන් කණ්ඩායමට අයත් ඉතිරි නවදෙනා කව්දැයි ස්විස් රජය හෙළි කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment