තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාගෙන සිටින ලක්ෂ 6 ක් පමණ වන පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත මුද්‍රණය කර තැපැල් මාර්ගයෙන් යැවීමට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ඊයේ (13 දා) පැවසීය.
ආනයනය කළ රියැදුරු බලපත්‍ර මාස ගණනක් තිස්සේ දෙපාර්තමේන්තුවේ නොතිබීම නිසා තාවකාලික වලංගු බලපත්‍රයක් නිකුත් කළ බවත් එම බලපත්‍රය නිකුත් කර තිබෙන සියලුම දෙනාට කාඩ්පත මුද්‍රණය කර ක්‍රමානුකූලව බෙදාහරින බවත් වීරසිංහ මහතා කීය.
දෙපාර්තමේන්තුව වෙත රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ 05 ක් ලැබී තිබෙන බවත් ලබන ජනවාරි මාසය තුළ තවත් කාඩ්පත් ලක්ෂ 05 ක් ලැබීමට නියමිත බවත් පැවසූ ඒ මහතා කාඩ්පත් හිඟවීම නිසා එක්දින සේවාව මගින් බලපත්‍ර 50 ක් පමණ නිකුත් කළත් ලබන සතියේ සිට එම ප්‍රමාණය 300 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
දෛනිකව රියැදුරු බලපත්‍ර කාඩ්පත් 1700 ක් පමණ නිකුත්කරන බවත් වාර්ෂිකව කාඩ්පත් අවශ්‍යතාව ලක්ෂ 08 ක් පමණ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා