තැන්පතු පොළිය  වැඩි කරන්න මහ බැංකුව බැංකු හා මුල්‍ය ආයතනවලින් ඉල්ලයි

403

බැංකු සහ මූල්‍ය ආයතනවල පොළී අනුපාත ඉහළ නංවන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා තැන්පතු පෙලී අනුපාතික ඉහළ නංවන ලෙස මහ බැංකුව මුල්‍ය ආයතනවලට දන්වා සිටී. මහ බැංකුව ඉකුත් සිකුරාදා සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික එකවර සියයට 7කින් වැඩි කළ අතර ඊට අනුරූපව බැංකු හා මූල්‍ය ආයතනවලද පොළී අනුපාත වැඩිවීමට නියමිතව තිබේ. මහ බැංකුවේ නව මුදල් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග කඩිනමින් සම්ප්‍රේෂණ වීමත් සමග අරමුදල් පිරිවැය ඉහළ නැංවෙනු ඇති බවත් එමගින් මුදල් සහ ණය ප්‍රසාරණය අඩුවනු ඇති බවත් මහ බැංකුව අපේක්‍ෂා කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment