තැන තැන නොකියා ගෞරවාන්විතව එළියට යන්න පුළුවන් නාමල් රාජපක්ෂ

471

* මේ ආණ්ඩුවේ හැම තීරණයකටම ශී‍්‍රලනිපයත් වගකියන්න ඕනෑ

ආණ්ඩුවක් විදියට සාමූහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ප‍්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ වෙන ප‍්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැුස්වීමේදී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි’’ යැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රීලනිපය ආණ්ඩුව විවේචනය කිරීම පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කීය.

ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් නොයෙක් මත ප‍්‍රකාශ කරනවා. ඉතින් මම හිතන්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂ නායක රැුස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ.

ජනතාව එදා ඔවුන්ටත් ඡුන්දය දුන්නේ මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න. ඉතින් අවසානයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරුන් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ හැම තීරණයකටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ.

ආණ්ඩුවක් විදියට සාමූහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ප‍්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ වෙන ප‍්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැුස්වීමේදී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment