තැන තැන විරෝධතා – මොනරාගල

336

සමගි ජන බලවේගයේ මොනරාගල ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (04) දහවල් මොනරාගල නගරයේදී පැවැත්විණි.

තෙල් මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදී ගොවියා සුරක්ෂිත කරන ලෙසත් ඉල්ලමින් පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කරමින් මොනරාගල පොතුවිල් පාරේ සිට නගරය හරහා පෙළපාලියෙන් ගිය උද්ඝෝෂණකරුවන් නගරයේ වටරවුම් අසලට රැුස්වී පැය භාගයක පමණ කාලයක් පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කොට සාමකාමීව විසිර ගියහ.

මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේගයේ මහලේකම් පත්කළ පා.ම. රංජිත් මද්දුමබණ්ඩාර, මොනරාගල දිස්ත‍්‍රික් පා.ම ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන යන මහත්වරුද සහභාගී වූහ.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

තැන තැන විරෝධතා - මොනරාගල

යක්කලමුල්ල

තේ පොහොර ලබාදෙන ලෙස හා ඉන්ධන මිල පහත හෙළන ලෙස ඉල්ලමින් විරෝධතාවක් ඊයේ (04* යක්කලමුල්ල මාකුඹුර ප‍්‍රදේශයේ දී පැවැත්විණි.

විරෝධතාකරුවන් කොට්ටවගම සිට මාකුඹුර දක්වා කෘෂිකර්මයේ අවසානය යනුවෙන් ස`දහන් කර තිබු මිනී පෙට්ටියක් රැුගෙන මාකුඹුර ප‍්‍රදේශයට පැමිණ එම මිනී පෙට්ටිය ගිනි තබා සිය විරෝධය පළකරනු ලැබීය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ හා චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

තැන තැන විරෝධතා - මොනරාගල

ජාඇල

ගෙයින් ගෙට ගොස් මාළු අලෙවි කරන (ජංගම) වෙළෙ`දුන් තම ජීවිකාව කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පවසමින් ඉකුත් 03 දා ජා-ඇල පොදු මාළු වෙළෙ`දපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමත් සමග මාළු ආහාරයට ගැනීම අහිතකර යැයි පැතිර යන කතා හේතුවෙන් පාරිභෝගික ජනතාව මාළු පාරිභෝජනයෙන් ඈත් වෙමින් සිටින නිසා තම ජීවිකාව කර ගැනීමට නොහැකි වී ඇතැයි සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණය කළහ.

කදාන රුක්මන් පින්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment