තැපැල් ඡන්දය 28 දා සිට 31 දා තෙක්

107

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වැනිදා සිදු කිරීමට පෙරේදා (7 දා) තීරණය කරනු ලැබීය. තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා ප්‍රමාණයෙන් වැඩි කොටසක් මේ වනවිටත් මුද්‍රණය කර අවසන් අතර ඉතිරි ප්‍රමාණය මුද්‍රණය කිරීමෙන් අනතුරුව ලබන සතියේදී රක්‍ෂිත තැපෑලට භාරදීමට එම තොගය මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසමට භාරදිය යුතු බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment