තැපැල් ඡන්ද විමසීම කල් දමයි

80


පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නියමකර තිබූ මෙම මස 22,23,24 සහ 28 යන දින වල සිදු නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටී.රජයේ මුද්‍රණාලායාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිසමට ලබා නොදීම නිසා මෙම තීරණය ගැනීමට සිදුව ඇතැයිද පවසයි.නැවත තැපැල් ඡන්ද විමසීමේ දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවද මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment