තැපෑලෙන් ආ පාර්සල් 13 කෝටි 07ක මත් ද්‍රව්‍ය

158

පසුගිය කාලය තුළ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රට වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණු ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් රඳවා ගනු ලැබූ සැක සහිත පාර්සල් 13 ක් ඊයේ ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 07කට අධික වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය සොයාගෙන ඇත. . මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබුණ ලේඛනවල ඒවායේ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කර තිබේ. එසේ පරික්ෂා කිරීමේ දී එම පාර්සල් තුල ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයා ගැනීමට සමත් වී ඇත. එම මත්ද්‍රව්‍ය අතර කුෂ් (Kush) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 921 ක්, අයිස් (Ice) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106 ක්, කංසා ඇට වලින් නිස්සාරනය කරන ලද තෙල් (Organic Hemp Oil) ලීටර එකක් (250ml x 4 bottles), මෙතම්ෆිටමයින් (Methamphetamine) නමැති මත්පෙති 5272 ක්, මත් මුද්දර (Stamps) කොටස් 425 ක්, මැන්ඩි (Mandy) ග්‍රෑම් 2 ක් සහ හෂිෂ් (Hashish) ග්‍රෑම් 4 ක් සමුවූ අතර එම මත්ද්‍රව්‍යවල වෙළඳපල වටිනාකම පිලිවෙලින් රුපියල් 14,115,000/- ක්, රුපියල් 3,180,000/= ක්, රුපියල්. 500,000/- ක්, රුපියල් 51,720,000/- ක්, රුපියල් 3,400,000/= ක්, රුපියල් 30,000/- ක් සහ රුපියල් 120,000/- ලෙස තක්සේරු කර තිබේ. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් 73,065,000/- පමණ වන බව තහවුරු කර ගෙන ඇති. .

advertistmentadvertistment
advertistmentadvertistment