තැපෑල අද සිට සතියට දින 3 යි

123

තැපල් දෙපාර්තමේන්තුවේ රාජකාරි අද(29දා) සිට සතියකට දින 03 කට සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙය ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දිනවලදී තැපැල් සේවා කටයුතු සිදුකරන බව තැපල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

ඉන්ධන අර්බුදය හමුවේ සේවකයන්ට රැකියා සඳහා පැමිණීමේ ගැටලු හා තැපැල් මලු ප්‍රවාහනය කිරීමට වාහන වලට අවශ්‍ය ඉන්ධන නිසි ලෙස ලබාගැනීමේ ගැටලු පැවතීම නිසා මෙම පියවර ගත් බවද ආරියරත්න මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment