තිදරු පියාගේ මළ සිරුර කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි

82

නිවසින් අතුරුදන්ව සිටි තිදරු පියෙකුගේ සිරුර කෙසෙල්ගමුඔයේ තිබී (03දා) හමු වු බව නෝටනබ්‍රිජ් පොලිසිය පැවසීය. මෙසේ කෙසෙල්ගමුඔයේ තිබී හමු වී ඇත්තේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචිව සිටි පොන්නුසාමි මහාලිංගම් (73) නමැති තිදරු පියෙකි.

තිදරු පියාගේ මළ සිරුර කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි

මීට දින 10කට ප්‍රථම තිදරු පියා නිවසින් අතුරුදන්ව සිටින බවට ඔහුගේ ඥාතීන් විසින් නෝටන්බි්‍රජ් පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබුණි. කාසල්රි ජලාශයේ සිට කැලණි ගඟ දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඔස්බොන්වත්ත ප්‍රදේශයේ ඔයෙහි නාඳුනන මළ සිරුරක් ඇති බවට තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් දැක ඒ බව නෝටන්බ්‍රිජ් පොලිසිය වෙත කළ දැනුම් දීමක් මත සිරුර සොයාගෙන ඇත. ඇළෙහි තිබී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment