තිදරු මව සමග ගිය  අනියම් පෙම්වතාට  සැමියායි දරුවෝයි ගහලා

989

එක් අයෙක් අත්අඩංගුවට
තිදරු මව ගෙදර යන්න බෑම කියලා


තිදරු මවක සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවකින් පසු එකී මව ස්කූටි වර්ගයේ යතුරුපැදියක නංවාගෙන යමින් සිටි පෙම්වතාට එම කාන්තාවගේ පවුලේ අය විසින් පහරදී ඇති අතර මෙම පහරදීම සම්බන්ධයෙන් එක් අයකු 07 වැනිදා රාත්‍රි තවලම ජැස්මින්වැලි හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පහරකෑමට ලක්වූ පෙම්වතා 38 හැවිරිදි වියේ පසුවන පෙදරේරුවෙකි. ඔහු හිනිදුම රෝහලට ඇතුළත් කර ඇත. මෙකී තිදරු මව 42 හැවිරිදි වියේ පසුවන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයට වයස අවුරුදු 17, 18 හා 19 වැනි වයස් කාණ්ඩවල පසුවන දරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. පෙම්වතා විසින් මෙකී තිදරු මව රැගෙන යතුරුපැදියකින් හිනිදුම ප්‍රදේශයේ පිහිටි තම මිතුරකුගේ නිවසට පැමිණෙමින් සිට ඇත. මේ බව දැනගත් මෙම කාන්තාවගේ සැමියා හා දරුවන් හා සැමියාගේ මිතුරකු වෙනත් වාහනයකින් මොවුන් පසුපස පැමිණ ඇත.

තවලම ජැස්මින්වැලි හන්දියේ දී පෙම්වතා කොටුකර ගෙන ඇත. මෙහිදී දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇතිවී තිබේ. පසුව ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳ පොලිසිය දන්වා දෙපාර්ශ්වයේම අය පොලිසියට භාරදී ඇත. තිදරු මව යළි නිවසට යෑමට දැඩි අකැමැත්ත ප්‍රකාශ කර ඇති අතර පසුව පොලිසියේ ඉල්ලීම මත දරුවන් සමග යළි නිවසට යෑමට කැමැත්ත පළ කර තිබේ. හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. එල්. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment