තිනියාවල හිමිගේ නඩුවට ලලිත් වීරතුංගගෙන් මූලික විරෝධතාවක්

265

තමන්ට හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව තිනියාවල පාලිත හිමියන් විසින් පෞද්ගලික නඩුවක් ගොනුකර ඇත්තේ නිසි කරුණු අවබෝධ කරගෙන හෝ නිසි පසුවිපරමකින් අනතුරුව නොවන බව පෙන්වා දෙමින් එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග මහතා ඊයේ (06දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලිඛිත මූලික විරෝධතාවක් ගොනුකරමින් පෙන්වා දුන්නේය.

කිසිදු නීතිමය පදනමකින් තොරව ගොනුකර ඇති එම නඩුව සලකා බැලීමකින් තොරවම ප්‍රතික්‍ෂේප කරනා ලෙසට ද ලලිත් වීරතුංග මහතා සිය මූලික විරෝධතාවය මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ බව පෙන්වා දෙමින් එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කර සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද පෙර නඩු දිනයේදී ලිඛිත මූලික විරෝධතාවක් ගොනු කර තිබිණි. එකී මූලික විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇත්නම් ලබන මස 25 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැමිණිලිකාර තිනියාවල පාලිත හිමියන්ට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment