තිබෙන තොග 8 වැනිදා ඉවරයි – ගල්අඟුරු නොලැබුණොත් නොරොච්චෝලේ වැසෙයි – රටම අඳුරේ

172

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීම මේවන විට අර්බුදකාරී තත්ත්වයක පවතින බවත් ලබන 8 වැනිදා දක්වා පමණක් ගල්අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන ජනන යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් හැත්තෑ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බලාගාරය සතුව ඇති බවත් බලාගාරයේ පාලන අධිකාරිය සඳහන් කරයි.

ඉදිරි දින කීපය තුළ මෙසේ බලාගාරය පවත්වා ගැනීමට හැකියාවක් පැවතියද ඉදිරියේදී ගල්අඟුරු සැපයීමට නොහැකි වුවවොත් කිසිම ආකාරයකින් බලාගාරය පවත්වා ගැනීමට නොහැකි බව පාලන අධිකාරිය කියා සිටී.

ගල්අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් බලාගාරය සතු ජනන යන්ත්‍ර තුනෙන් දෙවන යන්ත්‍රය ඉකුත් 22 වැනිදා සිට අක්‍රීය කිරීමට ද එහි පාලන අධිකාරිය කටයුතු කළේය.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment