තිබෙන පහසුකම් අනුව නිර්මාණ කරන එක නාට්‍යකරුවාගේ වැඩක්

263

අද වේදිකා පරිපාලන ශිල්පියෙක්
කතාබහ -අරුණ ජයසේන

 * ප‍්‍රවේශය

 මම පාසල් ගියේ කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයට. පොඩි කාලෙ ඉඳන් ගායනයට වගේම නර්තනයටත් මගේ ලොකු කැමැත්තක් තිබුණා. කී‍්‍රඩාවලටත් කැමතියි. නමුත් වැඩි කැමැත්ත තිබුණෙ කලාවට. මේ අතර එක දවසක් මම මගේ තාත්තා එක්ක සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍යයක් බලන්න යනව. එතුමිය සහ මගේ තාත්තා හොඳ මිතුරන්. ඒ අවස්ථාවේදී සෝමලතා මහත්මිය තාත්තට කියනව කොල්ලව මගේ ළඟට එවන්න කියල. මගේ කලා ජීවිතයේ ගමනට මූලික අඩිතාලම වැටෙන්නෙ ඒ විදිහට. වයස අවුරුදු හයේ පටන් මම එතුමියගේ ප්ලේ හවුස් නාට්‍ය පාසලේ ඉගෙනීම ආරම්භ කරනව වගේම ‘ගමරාළ දිව්‍ය ලෝකෙට” පුංචි අපට දැන් තේරෙයි” තොප්පි වෙළෙන්දා” විකෘති” හිම කුමරිය. වගේ නාට්‍ය වලට සම්බන්ධ වෙනව.

 * අධ්‍යාපනය

 උසස් පෙළ විභාගයට සුදානම් වීමත් එක්ක 1996 වසරෙන් පස්සෙ කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. උසස් පෙළින් පස්සෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මම ඉන්දියාවට යනව. කලාවට ඇළුම් කළත් අධ්‍යාපන කටයුතු වලට කලාව සම්බන්ධ කරගත්තෙ නැහැ. මගේ ආසාව තිබුණෙ සමාජ විද්‍යාව විෂයෙන් උපාධිය කරන්න. නමුත් මම තෝරා ගත්තෙ දේශපාලන විද්‍යාව විෂය.

 * නැවතත් කලාවට

 උපාධිය සඳහා ඉන්දියාවට ගිය කාලයේ එක දවසක සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය කණ්ඩායම මට මුණගැහෙනව. ඒ 2000 වසරේදී. මෙතනදි නැවතත් කලාව ගැන මට ආසාවක් ඇති වෙනව. ඒ අනුව 2003 වසරේදී නැවත ලංකාවට පැමිණීමත් එක්ක මම එතුමියගේ නාට්‍ය කණ්ඩායම සමග වැඩකරන්න පටන් ගන්නව.

තිබෙන පහසුකම් අනුව නිර්මාණ කරන එක නාට්‍යකරුවාගේ වැඩක්



 * වෙනත් මගකට

 හිම කුමරිය නාට්‍යයෙන් පස්සෙ මගේ අදහස් වෙනස්ම මගකට හැරෙනව. බොහෝ දෙනෙක් රංගන ශිල්පියෙක් වෙන්න කැමතියි. නමුත් මගේ හිත යොමු වෙන්නෙ වේදිකා පරිපාලන පැත්තට. අද වන විට කොළඹ ශ‍්‍රීපාලියේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් හැටියට වේදිකා පරිපාලනය උගන්වනවා.

 * වෘත්තිය

 ලංකාවේ වෘත්තීයමය නාට්‍යකරුවො කියල කොටසක් නැහැ. ඔවුන් වෙනත් වෘත්තියක නිරත වන අතර තමයි වේදිකාවට සම්බන්ධ වෙන්නෙ. මමත් මුල් කාලයේ රැුකියාවක් කළා. නමුත් ඒකෙන් වුණේ බොහෝ දුරට මම එකතැනකට කොටු වීම. අද වන විට මම තෝරාගෙන තියෙන්නෙ මාසෙ අන්තිමට පඩියක් ගන්න රැුකියාවක් නොවෙයි. ඒකෙන් මට ක්‍ෂේත‍්‍ර කිහිපයක වැඩ කරන්න නිදහස තියෙනව. නමුත් කෙනෙක් ඇහුවොත් මොකක්ද ඔබේ වෘත්තිය කියල” මම කියන්නෙ වේදිකා පරිපාලකවරයෙක් කියල.

 * අරමුණ

 කලාවට සම්බන්ධ වෙද්දි ඇත්තටම මට අරමුණක් තිබුණෙ නැහැ. කෙනෙක් ඇහුවොත් ඇයි ඔයා නාට්‍ය කරන්නෙ කියල මට දෙන්න උත්තරයක් තිබුණෙ නැහැ. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව තෝරා ගත්තෙත් නැහැ. නමුත් මම කලාවට ආසා කළා.

 * යාවත්කාලීන වීම

 ඕනෑම ශිල්පියෙක් තාක්‍ෂණය සහ නිර්මාණ ලක්‍ෂණත් එක්ක යාවත්කාලීන විය යුතුයි. නමුත් තාක්‍ෂණයේ දියුණුවත් එක්ක අවධානම අඩු වෙනවා වගේම වැඩි වන අවස්ථාත්ති යනවා. ශ‍්‍රම දායකත්වයේත් ලොකු අඩුවක් වෙන්නෙ නැහැ. ඉස්සර පෝස්ටර් බැනර් ගහගෙන මහ ? පවා මහන්සි වුණා. නමුත් දැන් ඒ දේවල් බොහොම අඩුයි. සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් ප‍්‍රචාරය ලබා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් යල් පැනගිය තාක්‍ෂණය අපේ වේදිකාවේ අදටත් උවමනා වෙන අවස්ථා තියෙනවා. 89 90 කාලය තුළ රංජනී ඔබේසේකර මහත්මිය විසින් අධ්‍යක්‍ෂණය කළ ‘බර්නාඩාගේ සිපිරි ගෙය. 2010 වසරේදී ප‍්‍රියන්ත සිරිකුමාර මහත්මයාගේ අධ්‍යක්‍ෂණයෙන් කරළියට එනව. මෙතනදි අපි එදාට වඩා හොඳට තාක්‍ෂණය භාවිතා කළා. ඒ වගේම ඇමරිකන් නාට්‍යයක අනුවර්තනයක් වන ‘දොළහක්. නාට්‍ය අතුළ පතිරණ මහත්මයාගේ අධ්‍යක්‍ෂණයෙන් කරළියට එනව. මෙතනදි වේදිකා පරිපාලනය භාර වෙන්නෙ මට. මේක මගේ ජීවිතයට සුවිශේෂි අවස්ථාවක්.

 * රංග ශාලා

 අපේ රටේ රංග ශාලා වල පහසුකම් පිළිබඳ ගැටලූවක් තියෙනව. නමුත් මම දකින විදිහට රංග ශාලාවක් කියන්නෙ චිත‍්‍රයක් අඳින්න ගන්න කැන්වස් එකක් වගේ. චිත‍්‍රය ඇඳීම වගේම වර්ණ ගැන්වීමත් සිදුවෙන්නෙ සිත්තරුවාගේ

 සිතුවිලි අනුවයි. තියෙන පහසුකම් අනුව නිර්මාණය ජනගත කරන එක නාට්‍යකරුවාගේ වැඩක්. නමුත් බොහෝ වේලාවට අපි නාට්‍ය හදන්නෙ බස් එකේ දිග පලලට. මොකද පසුතල නිර්මාණ වගේ දේවල් පටවාගෙන යන්න පහසු වෙන්න. වෙනම ලොරියක් අරගෙන යන්න තරම් පොහොසත්පේ‍්‍ රක්‍ෂකාගාරයක් අපේ රටේ නැති එකයි මේකට ප‍්‍රධානම හේතුව. ලංකාවේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ඉතාම ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ තාක්‍ෂණය නාට්‍යවලට යොදා ගන්නවාද නැද්ද කියන එක ලැබෙන මුදල මත තීරණය වෙන දෙයක්.

 * ගෙවීම්

 වේදිකාව පැත්තෙන් ගත්තම වේදිකා පරිපාලන ශිල්පියාට තමයි අඩුවෙන්ම ගෙවන්නෙ. ඉස්සර වේදිකාව ඉදිරි පස සහ පිටුපස කොටස් දෙකකට බෙදල තිබුණෙ. නමුත් දැන් නම් සියලූම දෙනා කණ්ඩායමක් හැටියට වැඩ කරනව. නළුවෙක් හෝ නිළියක් රඟපාන්නෙ දර්ශන වාර දෙකයි. ඔවුන්ට තමයි වැඩියෙන්ම ගෙවන්නෙ. ඒකෙ වරදක් නැහැ. මොකද ඔවුන් මත තමයි නිර්මාණය රඳාපවතින්නෙ. නමුත් වේදිකාව පිටුපස ශිල්පියෙක් උදේ ඉඳන් ? වෙනකම් වැඩ කරනව. ඔවුන් වෙනුවෙන් මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි.

 * කලකිරීම්

 මේ ක්‍ෂේත‍්‍රයේ අමනාප කම් තිබුණත් එක තැනකදි අපි එකට එකතු වෙනව. කෙනෙක් පුද්ගලිකව අභ්‍යන්තර ව්‍යාධීන් නිසා තරහ වෙනව නම් එවා මෙතනට අදාළම නැහැ. දුරාවබෝධ” තරහ වීම් දීර්ඝ කාලීන අමනාපකම් අපි අතර නැහැ. ලැබෙන මුදල හෝ තෘප්තියක් නැත්නම් එයින් ඇතිවන කලකිරීම් මත කෙනෙක් මේක දාල යන්න පුළුවන්. ඒ හැරෙන්න ක්‍ෂේත‍්‍රය ගැන කලකිරීමක් නැහැ. එහෙම මෙතන ඉන්නත් බැහැ.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment