තිරසාර සංචාරක කර්මාන්තයේදී තරුණ දායකත්වයත් ඉතා වැදගත්

82

ශ්‍රී ලංකා යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්

තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැංවීමේදී තරුණ තරුණියන් සැලකිල්ලට නොගෙන සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීම ඵල රහිත කාර්යයක් යැයි ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසීය.

ඒ මහතා මේ බව කීවේ ඊයේ (27 දා) කොල්ලුපිටිය, සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවැති ලෝක සංචාරක දින උත්සවයේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

තිරසාර සංචාරක ක්‍ෂේත්‍රයක් ගොඩනැංවීමේදී තරුණ තරුණියන්ගේ කාර්යභාරය ඉවත දැමිය නොහැකියි. ඔවුන් වර්තමානය මෙන්ම අනාගතය ද නියෝජනය කරනවා. ඔවුන් එම සාකච්ඡාවලදී පෙරමුණේ මෙන්ම කේන්‍ද්‍රගතව සිටි යුතුයි. ශ්‍රී ලංකාවට මහඟු තිලිණයක් වන්නේ මිලියන 4.4ක් වන තරුණ පෙළයි. මේ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඔවුන්ට දැක්විය හැකි දායකත්වය අතිමහත් බව ද ඒ නිසා ඔවුන්ගේ ශක්තිය සහ අදහස් සංචරක ක්‍ෂේත්‍රයට ලබාගැනීමට නම් ඔවුන්ට කුසලතා, පුහුණුව හා අවස්ථාව ලබාදිය යුතු බව ද ස්කූග් මහතා ප්‍රකාශ කළේය.

මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව ‘සංචාරක ව්‍යාපාරය ගැන නැවත සිතමු’ යන්නයි. මේ තේමාව යටතේ ඊයේ (27 ) දිනට යෙදී තිබුණු ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සැමරුම් උත්සව කිහිපයක් සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

ලොව පුරා සංචාරය සඳහා වැඩිම උනන්දුවක් දක්වන්නේ තරුණ පිරිසයි. ඔවුන් නව අත්දැකීම් සොයන අතර, ඔවුන්ගේ දැක්ම පුළුල් කර ගැනීමට අපේක්‍ෂා කරනවා. ඔවුන් සංචාරක කර්මාන්තයේ අනාගත ගනුදෙනුකරුවන් ලෙස පමණක් නොව සමාජ මාධ්‍ය වැනි මෙවලම් හරහා හොඳම අලෙවිකරුවන් ද වේ. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වන්නේ සංචාරක ව්‍යාපාරය ගැන නැවත සිතීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන නැවත සිතන විට තරුණයන්ට කළ හැකි කාර්යභාරය ගැන අවධාරණය කරන බව ද ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා තවදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහභාගි විය. ඔහු සහ කොළඹ විශ්වවිiාලයේ සංචාරක ආර්ථික විiාව පිළිබඳ මහාචාර්ව ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතා ඇතුළු කිහිපදෙනෙක් ම මෙහිදී කතා කළේය.

මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහාය ඇතිව සංචාරක හා කර්මාන්ත වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment