තිරසාර හෙටකට සදාහරිත ඉතුරුම් ගෙන එන ‘BOC හරිත කැකුළු’ ළමා ඉතුරුම් ගිණුම

168

අනාගත පරපුර වෙත පරිසරය සුරැකි ව දායාද කිරීමේ වගකීම පැවරෙන්නේ වත්මන් පරපුර වෙතය. ඒ අනුව සිය ආයතනික හා සාමාජීය වගකීම් ඉටු කරනුවස්, ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව දේශීය තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලාංකික දරු පරපුරේ දායකත්වය ලබා ගැනීමේ මෙන්ම හරිත සංකල්පය ප්‍රචලිත කිරීමේ අරමුණින් ‘BOC හරිත කැකුළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම දැයේ දූ පුතුන් වෙත හඳුන්වා දෙන ලදී.

පාසල් පරිසර සංවිධාන හා රන් කැකුළු සංසද හරහා ‘BOC හරිත කැකුළු’ ගිණුම් ආරම්භ කිරීමේ හැකියාව පවතින අතර මෙම ගිණුම් සඳහා සාමාන්‍ය ළමා ඉතිරි කිරීමේ ගිණුමකට ලබා දෙන පොලියට වඩා 1.5% ක වැඩි පොලියක් හිමි වේ. තවද ගිණුම් හිමියාට සහ භාරකරුට සුවිශේෂී රක්ෂණාවරණයක් හිමි වන අතර, 5 වසර ශිෂ්‍යත්වය සමතුන්ට ශිෂ්‍යාධාර ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. විශේෂයෙන් මෙම ගිණුම් හරහා රැස් වන තැන්පතු දේශයේ තිරසර සංවර්ධනය සඳහාම ආයෝජනය කිරීමට ලංකා බැංකුව කටයුතු යොදා ඇත.

‘BOC හරිත කැකුළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම දැයේ දූ දරුවන් වෙත හඳුන්වා දීමේ වැඩසටහන 2022 දෙසැම්බර් 16 වන දින ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් සහ බැංකු සංවර්ධන) කේ. ඒ. අජිත් කරුණාරත්න, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි, සහකාර මහා කළමනාකරු (නිමැවුම් සංවර්ධන හා ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය) සුරේෂ් පෙරේරා, සහකාර මහා කළමනාකරු (තිරසාර බැංකුකරණ) එස්. සබේසන්, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත උතුර) සුදත් ලියනගේ, සහකාර මහා කළමනාකාරිණී (ශාඛා මෙහෙයුම්) ඩී.ආර්.සී.එස්. උදයකුමාරි යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment