තිරිඟු පිටි හිඟයි: පාන් 300 ට නගී – බේකරි හිමියන්ගේ සංගමය

88

වෙළෙඳපොළෙන් වැඩි මිලකට තිරිඟු පිටි මිලදී  ගැනීමට සිදුව ඇති බැවින් ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

රුපියල් 3500කට මිලදී ගත් කිලෝ 50 තිරිඟු පිටි මිටියක් අද වනවිට රුපියල් විසිපන්දහසකට මිලදී ගැනීමට සිදුව ඇතැයි ද හෙතෙම කීය.

කළුකඩෙන් ඉතා අධික මිලට පිටි මිලදීගෙන නිෂ්පාදනය කරන පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරනවාට තම සංගමය විරෝධයක් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment