තිරිමාදුරගෙන් නවකයන්ට ආරාධනාවක්…

100

මෙරට සිටින ප්‍රවීණ කලාකරුවෙකු හා දේශීය හා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ රංගන ශිල්පියෙකු, තිර නාටක රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කුමාර තිරිමාදුර විසින් ප්‍රථම වරට අධ්‍යක්ෂණය කරනු ලබන ලයිෆ්ගාර්ඩ් ටෙලි නාට්‍ය සඳහා ප්‍රධාන චරිත වෙනුවෙන් නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කිහිපදෙනෙකු හට රංගන වරම් හිමිකර දීමට තිරිමාදුර විසින් තීරණය කර තිබේ.

මෙම ටෙලිනාට්‍යයේ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර විසින් ප්‍රධාන චරිත රඟපාති. ලයිෆ්ගාර්ඩ් ටෙලි නාට්‍යයේ රඟපෑමට කැමැති නවක නළු නිළියන්ට එහි තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අනිද්දා (02 වැනිදා) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය තුළ සිදු කරන බැවින් ඒ සඳහා සහභාගී වීමට කැමැති ඔබ හට එහි පැමිණෙන මෙන් ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර ඉල්ලා සිටී. මෙම කටයුත්ත සම්බන්ධීකරණය සිදුකරනු ලබන්නේ උපුල් නිශාන්ත විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment