තිරුකුමාර් නඩේෂන්ගෙන් අල්ලස් කොමිසම පැය 4 ක් ප‍්‍රකාශ ගනී

147

ලොව පුරා සිටින දේශපාලනඥයන්, ක‍්‍රීඩකයන්, විශේෂ පුද්ගලයන්, ව්‍යාපාරිකයන් ආදී අයගේ සැඟවූ ධනය පිළිබඳ තොරතුරු අනාවරණය කළ පැන්ඩෝරා පති‍්‍රකාවන්හි නම් සඳහන්වීම හේතුවෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඬේෂන් මහතා ඊයේ (08 දා) උදේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ පැය 4 ක පමණ කාලයක් ප‍්‍රකාශ ලබාදී පිටව ගියේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් හමුවේ ඔහු සිය ප‍්‍රකාශය ලබාදී තිබේ.

හෙතෙම ඊයේ අල්ලස් කොමිසම වෙත පැමිණියේ පෙරවරු 10.00 ටය.

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පත‍්‍රිකා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තොරතුරු පත‍්‍රිකාවල නම් ඇතුළත් සියලූම ශ‍්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් සිදුකර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දී තිබේ.

පැන්ඩෝරා පත‍්‍රිකා හරහා හිටපු අමාත්‍යවරියට හා ඇගේ සැමියාට මෙරට සැඟවූ ධනය හා වත්කම් ඇති බවට චෝදනා එල්ලවී තිබිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් ඡායාරූපය: තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment