තිරුපති ගියේ පෞද්ගලික සංචාරයකට – අගමැති

332

කිසිම රාජ්‍ය නායකයකු හමුවුණේ නෑ

තමා ඉන්දියාවේ තිරුපති දෙවොලේ වන්දනාව සඳහා ගියේ හදිසියේම නොව වාර්ෂිකව එහි යන පෞද්ගලික සංචාරයක් ලෙස යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා* ‘දිවයින’ට පැවැසීය.

සෑම වසරකම දෙසැම්බර් මාසයේ තමා තිරුපති සංචාරය කර එහි පූජාවන්ට සහභාගි වන බව පැවසූ අගමැතිවරයා එය තම පෞද්ගලික වියදමින් සිදුකරන සංචාරයක් බවත් කීවේය.

ඒ අනුව ඉකුත් 24 වැනිදා තිරුපති ගිය බවත් නැවත ඊයේ (26 දා* ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් සඳහන් කළේය.

මෙය පෞද්ගලික සංචාරයක් නිසා තමා ඉන්දියාවේ කිසිදු රාජ්‍ය නායකයකු හමුනොවූ බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment