තිරු නඩේෂන්ගේ කෝල් එක මට තර්ජනයක්… පොලිසියට පැමිණිලි කළත් පරීක්‍ෂණයක් නෑ… චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී කියයි

285

පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිකර තිබූ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පසුව තිරු නඬේෂන් මහතා තමාට දුරකථන ඇමතුමක් ලබාදීම යම් තර්ජනයක් සිදුකිරීමක් යැයි සමගි ජනබලවේගය මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) කීය.

එමගින් තම ජීවිතය පිළිබඳ යම් අනතුරු හැඟවීමක් කළ බවට තමාට හැඟී ගිය බැවින් තමන් පොලිස් පැමිණිල්ලක් කළ ද තවමත් පොලිස් විමර්ශනයක් සිදු නොවූවද ඒ පිළිබඳ අගමැතිවරයාගේ ලේකම්වරයකු පමණක් කතා කොට විමසීමක් කළ බවද හෙතෙම පැවසීය.අදාළ සිද්ධියෙන් තමන්ගේ මන්තී‍්‍ර වරප‍්‍රසාද කඩවීමක් ද සිදු වූ

බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්නැයි ද චමින්ද විජේසිරි මන්තී‍්‍රවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment