තිලංගට එරෙහිව අමරවීර ඉල්ලූ වාරණය ප්‍රතික්‍ෂේප වෙයි

121

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයට පත් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පත්කිරීම නීති විරෝධි බවට හා එය අත්හිටුවන ලෙසට කියමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉල්ලා සිටි වාරණ නියෝගය දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඊයේ
(08 දා) ප්‍රතික්‍ෂේප කළාය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, තිලංග සුමතිපාල සහ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

පැමිණිලිකාර මහින්ද අමරවීර වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාද, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතාද පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment