තිලීපන් සැමරීමේ උත්සව තහනම්

362


යාපනය දිස්ත්‍රික්කය තුළ තිලීපන් සැමරීම සදහා කිසිදු උළෙලක් පැවැත්වීම අද සිට තහනම් කරමින් යාපනය පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ සංවිධාන කීපයක් මේ මස 26 වෙනිදා දක්වා යාපනයේ විවිධ ස්ථාන වල තිලීපන් සැමරීම සදහා විවිධ අන්දමේ උත්සව සංවිධානය කොට තිබේ.
යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව කෝපායී පොලීසිය විසින් නල්ලූර් ප්‍රදේශයේ පිහිටි තිලීපන් සමරු ස්මාරකය වටා පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment