තිසරගේ යාපනය බලය තහවුරු කරයි

370

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් ඊයේ (16 වැනිදා* පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම ලකුණු 102කින් පරාජය කරමින් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. එ් අනුව ඔවුන් මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ 6 වැනි ජයග‍්‍රහණය ලෙසින් එය සටහන් විය.

තිසර පෙරේරාගේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කරමින් නියමිත පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 193ක අභියෝගයක් කොළඹ කණ්ඩායමට භාර කළේය. එ් අනුව ජය ගැනීමට අපහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 19කට සීමා කරමින් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 10කට සීමා කිරීමට මහීෂ් තීක්‍ෂණ සමත්විය. එම පන්දුවාරයේම ඊළඟ පන්දුවෙදී අශාන් පි‍්‍රයාන්ජන් දුවද්දී දැවී යෑමකට හසු කර ගැනීමට උපුල් තරංග සහ අශාන් රන්දික සමත්විය.

කෙළඹ ගැලවුම්කරුවා බවට පත්ව සිටි දිනේෂ් චන්දිමාල් ඊයේ දිනයේදී ලකුණු 6කට පිටියෙන් ඉවත් කිරීමට මහීෂ් තීක්ෂණ සමත්වීමත් සමග ජයග‍්‍රාහී බලාපොරොත්තු අත්හැර ගැනීමට කොළඹට සිදුවිය. තරගාවලිය පුරාම ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ කුසල් පෙරේරා ඊයේ දිනයේදී ලකුණු 2කට දැවී ගියේය.

ටොම් බන්ටන් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් හුදෙකලා ඉනිමක් දියත් කිරීමට උත්සාහයක් දැරූවද විජයකාන්ත් වියස්කාන්ත්ගේ පන්දුවක් හමුවේ තීක්ෂණ අතට උඩපන්දුවක් ලබා දී ඔහු ලකුණු 30කට දැවී ගියේය.

ටොම් කොලර් ඊයේ දිනයේදී ජැෆ්නා ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ

පෙරගමන්කරුවා බවට පත්විය. පන්දු 55කට මුහුණ දුන් ටොම් හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 92කට දැවී යද්දී මෙවර එල්.පී.එල්. තරගාවලියේ පළමු ශතක ලාභියා වීමේ අවස්ථාව ඔහුට අහිමිකිරීමට නවීන් උල්හක් සමත්විය.

උපුල් තරංග පන්දු 33කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 37ක් සහ වනි`දු හසරංග නොදැවී ලකුණු 19ක් රැුස් කළේය.

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 193යි (ටොම් කොලර් 92, උපුල් තරංග 37, වනි`දු හසරංග (නොදැවී* 19, අශාන් රන්දික 16, නවීන් උල්හක් 27/3*

කළම්බු ස්ටාර්ස් පන්දුවාර 15.5කදී සියලූ දෙනා දැවී ලකුණු 91යි (ටොම් බන්ටන් 30, ඇන්ජලෝ මැතිව්ස් 10, ධනංජය ද සිල්වා 11, රවී රම්පල් (නොදැවී* 10, ජේඞ්න් සීල්ස් 13/4, විජයකාන්ත් වියස්කාන්ත් 32/3, මහීෂ් තීක්‍ෂණ 25/2*

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment