තිස්සමහාරාමයේ හෝටලයක් හදන්න රක්‍ෂිතයේ කැලෑවක් වනසලා

116

රක්ෂිතයෙහි අනවසරයෙන් ඉදිකරමින් පැවැති වැව

තිස්සමහරාම ජුල්පල්ලම සාමගුලිය වන සංරක්ෂිතයෙහි අක්කර හයක පමණ භූමි ප‍්‍රදේශයක් අනවසරයෙන් අල්ලාගෙන කැළෑව හෙළි පෙහෙළි කර වැවක් හා හෝටලයක් ඉදිකරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු ඇතුඵ නව දෙනෙකු තිස්සමහරාම පොලීය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරමෙන් පසු එක් අයකුට රුපියල් විසි දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරිර ඇපය බැගින් සැකකරුවන් නව දෙනාම මුදා හැරීමට තිස්සමහරාම මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු කාංචනා මාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය විසින් (30 දින) නියෝග කළේය.

තිස්සමහාරාමයේ  හෝටලයක් හදන්න  රක්‍ෂිතයේ කැලෑවක් වනසලා
හෝටලයකට යැයි කියන ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල

අධිකරණය මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ තිස්සමහරාම ජුල්පල්ලම, 03 වන පටුමග, අංක 544/7 සී, යන ස්ථානයෙහි පදිංචි බුද්ධික ප‍්‍රදිප් විජේසිංහ යන ප‍්‍රධාන සැකකරු ඇතු`ඵ එම ඉඩමෙහි කුළි කරුවන ලෙස සේවය කළ පිරිසකි.

ප‍්‍රධාන සැකකරු සමග එම ඉඩමේ පොල්වලවල් හාරමින් සිටි සෙසු සැකකරුවන් අට දෙනා ගෙන් දෙදෙනෙකු වවුනියාව ප‍්‍රදේශයේ පදිංචි දෙමළ ජාතිකයන් දෙදෙනෙකු බව අනාවරණය වේ. ඔවුන් මිට මාස හයකට පමණ පෙර මෙහි සේවයට පැමිණ ඇති බව පැවැසේ.. සැකකරුවන් සමග අනවසර ඉඩමෙහි පොල් වලවල් හෑරිමට හා වැව හෑරීමට උපයෝගි කර ගන්නා ලද කුඩා ප‍්‍රමාණයෙහි බැකෝ යන්ත‍්‍රයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඇප මත මුදා හරින ලද සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කල මහෙස්ත‍්‍රාත්වරිය අනවසරෙන් අල්ලා ගන්නා ලද ඉඩමෙහි කෑළැ හෙළිකිරම හා තව දුරටත් වැව හෑරිම ඇතු`ඵ කිසිදු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙසට ද ප‍්‍රධාන සැකකරුට නියෝග කළහ.

ප‍්‍රධාන සැකකරු විසින් මිට වසර දෙකකට පමණ කාලයක සිට හේන වගාව හා කෙසෙල් වගාව සිදුකරමින් සිටි අයකු බවත් එම ඉඩමෙහි අක්කර කාලක පමණ ප‍්‍රමාණයකට ඉඩම් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙන බවටත් අනාවරණය වන වේ. පදිංචි ඉඩමට යාබදව පිහිටි අනවසරයෙන් අල්ලාගෙන ඇති අක්කර පහ හමාරක් ඉක්ම වු බිම් කොටස වන රක්ෂිතයට අයත් කොටසක් විය.

මෙසේ අනවසරයෙන් අල්ලාගත් කොටසෙහි බුරුත, කොහොඹ ආදී දැවමය වශයෙන් වටිනාකමකින් යුත් ශාකයන් කපා දමා කැළෑව හෙලි පෙහෙලි කර වැවක් හාරමින් සිටියදී ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම අනවසර ඉදිකිරම් ආරම්භයේ දී ප‍්‍රධාන සැකරුට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිළධාරින් විසින් මිට පෙර අදිකරණයෙහි නඩු පවරා ඇති අතර, ඉන් පසු වන සංරක්ෂ නිළධාරින් නිහඩ පිළිවෙතක් අනුගමනය කර ඇති බව අනාවරණය වේ.

වන සංරක්ෂන නිළධාරින්ගේ නහඩ ප‍්‍රතිපත්තිය මත ප‍්‍රධාන සැකකරුට හිමිව තිබු අක්කර කාලක පමණ වු බිම් ප‍්‍රමාණය අක්කර හයක් ඉක්මවා යන පරිදි ඉඩම පු`ඵල්කර ගෙන ඇති බවට පොලිස් පරික්ෂණවලින් අනාවරණය විය.

වන සංරක්ෂණ දෙපාර්ත මේනතුවේ පාලනය යටතේ පවතින මෙම වන විනාශය පිළිබ`දව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වගකීම ඉටු නොව් පසු ඛීමක තිස්සමරාම පොලිසිය විසින් ඉටු කරමින් තිස්සමහරාම පොලිසියේ අපරාධ අංශයෙහි පොලිස් ස්ථානාධිපති එල්. පී. නිමල් මහතා ප‍්‍රධාන පොලිස් නිළධාරින් කණ්ඩායමක් හදිසි වැටලිමක් සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ලණු ලැබුවේ පසුගිය 30 වන දින විය.

මෙම වැටලිම සදහා කතරගම පොලීසියේ උප පොලිස් පරික්ෂක ජනකප‍්‍රිය මහතා ඇතු`ඵ නිලධාරින් පස් දෙනෙකු හා වීරවිල පොලීසියේ සැරයන් ප‍්‍රදිප් මහතා ප‍්‍රධාන නිළධාරින් හය දෙනෙක්ද සහභාගි වි තිබේ.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment