තිස්සමහාරාම ප්‍රා.ලේකම්ට තනතුර අපායක් වෙයි

1926

උසස් නිලධාරියකු ගේ සහ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ක්‍රියාකාරීන් ගින් දිගටම රාජකාරියට බාධා බාධා කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් තනතුරු අතහැර දමා යෑමට සිදු වූ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි සඳහන් කළාය.

අරගල සමයේ ගිනි තැබූ මන්ත්‍රී නිවාස සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම හා දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් අත්පත් අ කර ගැනීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය විරසක වී සිටි බව ඇය කීවාය.

ප්‍රාදේශීය ලේකම්වරියට ලබාදුන් නිල රථය අව්වේ නතර කර තැබීම, ගිනිතැබූ නිවාස වලට පූර්ණ හානි වාර්තා නොකිරීම, ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් නොකිරීම යන කාරණා සම්බන්ධයෙන් කිහිපවිටක්ම වාර්තා කැඳවූ බව ද ඇය සඳහන් කළා ය.

එමෙන්ම නිල නිවාසයට සහ යන එන සෑම තැනටම යම් යම් පුද්ගලයින් යොදවා ප්‍රාදේශීය ලේකම්ගේ පුද්ගලික ජීවිතයට දැඩි ලෙස බාධා වන අයුරින් කටයුතු කිරීමෙන් තම දරුවන් සමඟ ගත කරන පවුල් ජීවිතයට ද දැඩි බාධා ඇති වීම නිසා මෙම මස තුන්වන දින සිට රැකියාවෙන් ඉවත් වූ බව ඇය සඳහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment