තිස්ස කොරතොටගේ අරගලයක සැඟවුණු කතා පොත එළිදකී

281

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර චරිතය මුල්කර ගනිමින් ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිස්ස කොරතොට විසින් රචිත විජේවීර ගමනායක අරගලයක සැඟවුණු කතා පුවත්පත් ලිපි එකතුව (2008-2021) ග්‍රන්ථයක් ලෙස මුද්‍රණයෙන් නිකුත්වී ඇත.

 කර්තෘ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය වී ඇති මෙම ග්‍රන්ථයට රෝහණ විජේවීර මහතාගේ දේශපාලන ජීවිතය තුළ පැවැති වැදගත් කරුණු කාරණා රාශියක් ඇතුළත් කර ඇත. පුවත්පත් කලාවේදියකු ලෙස තමන්ටම අනන්‍ය වූ භාෂා භාවිතයක් භාවිත කරන තිස්ස කොරතොට එමගින් සිය කෘතිය පාඨකයන් අත පත්කරනු ලබන්නේ කෘතියේ අන්තර්ගතයට නැවුම් බවක් එක්කරමින්ය.

advertistmentadvertistment
advertistmentadvertistment