තිස්ස විතාරණට සුබ උපන් දිනයක්….

107

ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම විද්වතෙකුද වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

 1957 සිට 1959 දක්වා කොළඹ මහ රෝහලේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කළ තිස්ස විතාරණ 1965 ලංකා විශ්වවිද්‍යාලයෙන් සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ එම් බී උපාධියක් ලබා පසුව ලන්ඩනයේ දී බැක්ටීරියා විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව හා ලන්ඩන් සරසවියෙන් වෛරස් වේදය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබීය. 1965 කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය (එම්. ආර්. අයි) සම්බන්ධ ඔහු 1983 – 1994 දක්වා එහි අධ්‍යක්‍ෂවරයා ලෙස එම ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතියට නවීකරණය කළේය. වෛරස් පිළිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්යවරයකු වූ ඔහු මෙරට ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සංගමය ආරම්භක සභාපති විය. 1980 එඩින්බරෝ රෝහලේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ද වූ ඔහු ජාත්‍යන්තරව 20 වතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයකුද විය. අනතුරුව ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ නිර්මාතෘ මහාචාර්යවරයාද විය. මෙරට විද්‍යා හා තාක්‍ෂණය නංවාලීමට පියවර රාශියක් ගත් අතර නැනෝ තාක්‍ෂණික ආයතනය බිහි කිරීමද එක් කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment