තිළිණිගෙන් කට උත්තර ගන්න අවසර

219

මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට බන්ධනාගාරය තුළට ගොස් සැකකාරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවේය.ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 30 වැනිදා දක්වා අවසර ලබාදී ඇති බව සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment