තිළිණිගේ නඩුවකට අද දුන් නියෝගය

806


චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව ජූනි මස 5 සහ 6 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද නියම කළේය.

තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සමිත අනුරුද්ධ යන අයට හිමි මෝටර් රථයක් 2013 වසරේදී මිලදී ගැනීම සඳහා වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් චෙක් පතක් ලබාදෙමින් වංචා කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග ලබාදුන්නේය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තම සේවාදායිකාව සමථයකට සූදානම් බවත් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම්දෙමින් කියා සිටියේ සමථයක් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment