තීරණය දෙනතුරු අපි බලා ඉන්නවා – කිරිපිටි ආනයනකරුවෝ

438

අද (04 වැනිදා) රැස්වන කැබිනට් මණ්ඩලයේදී කිරිපිටි ඉහළ නැංවීමට අවසර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවෝ විශ්වාසය පළකරති.

පාරිභෝගික අධිකාරිය, ජීවන වියදම් කමිටුව පසුගියදා කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කළ බවත් ඒ අනුව අද රැුස්වන කැබිනට් මණ්ඩලයේදී කිරිපිටි මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට අවසර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද කිරිපිටි ආනයනකරුවෝ සඳහන් කළහ.

කිරිපිටි කිලෝවක පැකට්ටුවකින් මේ වන විට රුපියල් 350ක පමණ පාඩුවක් සිදුවන බවත් ඩොලරයේ අගය ඉහළ යෑම නිසා මෙලෙස පාඩුවක් සිදුවන බවත් පවසන කිරිපිටි ආනයනකරුවෝ එම නිසා මිල සංශෝධනයක් ඉල්ලා සිටි බවත් ප‍්‍රකාශ කළහ.

ප‍්‍රභාත් විතාන

 

advertistmentadvertistment
advertistmentadvertistment