තීරණාත්මක සිංහ – කැන්ගරු තෙවැනි විස්සයි විස්ස අද

276

තරග 5කින් සමන්විත ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය ඔස්ටේ‍්‍රලියාවේ කැන්බරා කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වේ. එ් අනුව දෙරට අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1.40ට ආරම්භ වීමට නියමිතව තිබේ.

 තරගාවලියේ මේ දක්වා කි‍්‍රයාත්මක වූ පළමු තරග දෙකම ජය ගනිමින් 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක ඔස්ටේ‍්‍රලියානුවෝ සමත්වී සිටිති. එ් අනුව අද තරගය ජයගත හොත් තවත් තරග 2ක්ම ඉතිරිව තිබියදී තරගාවලියේ ජය වෙන්කර ගැනීමට සත්කාරක කණ්ඩායමට අවස්ථාව උදා වේ.

 පළමු තරග දෙකම පරාජයට පත්වී තරගාවලි පාරාජයක අභිමුව සිටින සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමට තරගාවලිය තුළ තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය කරුණක් බවට මේ වනවිට පත්ව තිබේ.

 ශී‍්‍ර ලංකා පිතිකරු බලඇණිය දෙස බැලීමේදී තරගාවලියේ මේ දක්වා සාර්ථක වූ එකම පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්ව තිබේ. පාරාජයට පත්වූ පළමු තරග දෙකෙහිදීම ශී‍්‍ර ලංකා ආරම්භක කඩුලූ සම්බන්ධාතවය අසාර්ථක වීම දක්නට ලැබිණි. එහිදී බලාපොරොත්තු තබා සිටි ධනුෂ්ක ගුණතිලක මෙන්ම අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු අතරට නොපැමිණීම ශී‍්‍ර ලංකාවට මහත් පාඩුවක් බවට පත්ව තිබේ.

 අවිශ්ක ප‍්‍රනාන්දු මේ දක්වා විස්සයි විස්ස තරග 32ක් කී‍්‍රඩා කරමින් එකදී අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට සමත්වී නොමැති අතර අවිශ්කගේ වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ලෙස ලකුණු 37ක් වාර්තා වේ. අවිශ්කගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ඉනිමකට ලකුණු 12කට ආසන්න අගයක් ගෙන තිබේ.

 පළමු තරගයේදී ශී‍්‍ර ලංකා ඉනිමේ දැවී ගිය කඩුලූ 8ම අනවශ්‍ය ලෙස පන්දුවට පහර එල්ල කරමින් උඩපන්දු ලබා දීමෙන් දැවී ගිය කඩුලූ බවට පත්විය. එ් අනුව දෙවැනි තරගයේදී මෙන්ම අද තරගයේදීද පිතිකරුවන්ගේ එම වරද නිවැරදි කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.

 කෙසේ වෙතත් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පිට පිටම විස්ස්යි විස්ස තරග 6ක් පරාජයට පත්ව සිටින ශී‍්‍ර ලංකාවට අද තරගය ජය ගතහොත් මෙම තරගාවලිය පිලිබඳ ඉදිරි බලාපොරොත්තු තබා ගැනීමේ මෙන්ම පරාජයේ රැුල්ල නවතා ගැනීමට අවස්ථාවක් උදාවේ.

 ශී‍්‍ර ලංකා සංචිතය – දසුන් ශානක (නායක) චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, වනි`දු හසරංග, බිනුර ප‍්‍රනාන්දු, ෂිරාන් ප‍්‍රනාන්දු, අවිෂ්ක ප‍්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ජනිත් ලියනගේ, රමේෂ් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ.

 ඔස්ටේ‍්‍රලියානු සංචිතය -එ්රන් ෆින්ච් (නායක), ඇෂ්ටන් අගාර්, පැට් කමින්ස්, ජෝස් හෙසල්වුඞ්, ට‍්‍රැවිස් හෙඞ්, මොයිසස් හෙන්රිකස්, ජොස් ඉන්ග්ලිස්, ග්ලේන් මැක්ස්වෙල්, බෙන් මැක් මැක්ඩමෝ, කේන් රිචඞ්සන්, ජයි රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, මාක්‍රෙස් ස්ටොනිස්, මැතිව් වේඞ්, ඇඩම් සැම්පා.

advertistmentadvertistment
advertistmentadvertistment