තීරණාත්මක සිදුවීම් රැසක් ගෙනෙන ප්‍රබල ග්‍රහ මාරුවක්

1017

ජ්‍යොතීර්වේදී ඩග්ලස් නිමලවංශ

සෙනසුරු ග්‍රහයා 2022 අප්‍රේල් මස 29 කිවි දින පෙරවරු 7. 52 ට තම ස්වක්ෂේත්‍ර සහ මූල ත්‍රිකෝණ රාශිය වන කුම්භයට ප්‍රවිෂ්ට වීමට නියමිත බව ජ්‍යොතීර්වේදී ඩග්ලස් නිමලවංශ මහතා පවසයි. සෙනසුරුට මෙලෙස රාශිගත වීමට දළ වශයෙන් වසර තිහක් පමණ ගතවේ. ඉහත කී අයුරින් සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය පැවති සෑම අවස්ථාවකදීම ලෝකයටම අමතක නොවන විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදුවිය.

මෙවැනි සෙනසුරු මාරුවක් 1993 මාර්තු 4 වෙනිදා සිදුවිය. එම මාරුවෙන් මාස දෙකක් ඉක්ම යෑමටත් මත්තෙන් රටේ ප්‍රභූ මරණයක් සිදුවූ අතර අර්බුදකාරී තත්ත්වයක්ද මතුවිය. එමෙන්ම 1964 සෙනසුරු කුම්භයට පැමිණීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවක සිටි පළමු පෙළේ සාමාජිකයෙකු වූ සී. පී. ද සිල්වා රාජාසන කතාව පරාජයට පත් කරමින් විපක්ෂය සමග එකතු විය. ඉන් මාස කිහිපයකට පසු ආණ්ඩුව විසුරුවා හැරීමට ද සිදුවිය. සෙනසුරු තමා නියෝජනය කරන ජනතාවට අකටයුතුකම් කරන ඕනෑම පාලකයෙකු, බලවතකු, විනාශ කර දමන්නට මොහොතකටවත් මැලි වන්නේ නැත. එම නිසා මෙවර සෙනසුරු මාරුවෙන් ද මහජන මුදල් කොල්ලකෑ, ජනතාව රැවටූ, විවිධ අපරාධ කළ දේශපාලනඥයන්ට ගැලවුමක් නොමැති අතර අනිවාර්යෙන්ම දඬුවම් විඳීමට සිදුවේ. එමෙන්ම පක්ෂ ප්‍රභූ දේශපාලනඥයකුගේ හදිසි අනතුරක් පිළිබඳව ආන්දෝලනාත්මක සිදුවීමක් ද මෙම කාලයේ දී අසන්නට බොහෝ දුරට ඉඩ තිබේ. සෙනසුරු මාරුවෙන් තුන් මසකට පසු රටේ ජනතාවට තරමක් දුරට සහන කාලයක් උදාවේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment