තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගි වූ ශ්‍රී ලංකා බාලදක්‍ෂයෝ ජනපති හමුවෙති

110

එක්සත් රාජධානියේ බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ, බාලදක්‍ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවරදී සිදුවිය.

ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්‍ෂ, බාලදක්‍ෂිකාවන් සිවුදෙනා රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්‍ෂ කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සංවිධානය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment