තුන්වැනි එන්නතටත් සූදානම්

111

පාසල් දරු දැරියන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබා දී අවසන් වූ වහාම සෞඛ්‍ය සේවා ආරක්‍ෂක අංශයන්ට සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තුන්වැනි එන්නත් මාත‍්‍රාව ලබාදීමට කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

ඒ අනුව එම පිරිස වෙත ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය. එම එන්නත් තොග මේ වනවිටත් මෙරටට ගෙන ඒමට ඇනවුම් ලබා දී තිබේ.

මේ අතර දැනට ක‍්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට ද එම කමිටුව තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘‘දිවයින’’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

මේ වනවිට සැලකිය යුතු මට්ටමින් කොවිඞ් ව්‍යාප්තියෙහි අඩුවක් දක්නට ලැබෙනුයේ කොවිඞ් මර්දන එන්නතෙහි ඇති ප‍්‍රබලතාවය හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment