තුන්වැනි එන්නත් මාත‍්‍රාව ලබා දිය යුත්තේ දරුණු ලෙස ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අයට – ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ නිර්මාතෘවරිය පවසයි

256

කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙකම ලබා ගත් සෑම එංගලන්ත වැසියෙකුටම තුන්වැනි එන්නත් මාත‍්‍රාවක් (බුස්ටර් ) ලබාදීම අවශ්‍ය නොවන බැවින් එංගලන්තය සතුව පවතින් අමතර එන්නත් මාත‍්‍රා තොගය මෙතෙක් අඩු ජනගහණයකට කොරෝනා එන්නත් ලබාදී ඇති රටවලට යැවීමට පියවර ගත යුතු බව ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නතෙහි නිර්මාතෘවරිය වන, මහාචාර්ය ඬේම් සාරා ගිල්බර්ට් පවසා තිබේ. ‘ද ඬේලි ටෙලිග‍්‍රාෆ්’ පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් මහාචාර්ය ගිල්බර්ට් පවසා ඇත්තේ තුන්වැනි එන්නත් මාත‍්‍රාව ලබාදිය යුත්තේ දරුණු ලෙස ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මට්ටමක පවතින අයට පමණක් බවයි.

 එංගලන්තයේ එවැනි දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් පවතින පුද්ගලයන් ලක්ෂ 5 ක් පමණ සිටින බව පෙන්වා දී ඇති මහාචාර්යවරිය දැනට එරට කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇති සෙසු පුද්ගලයන් බහුතරය තුළ කල්පවතින ප‍්‍රතිශක්තියක් නිපදවී ඇති බව සඳහන් කර තිබේ. එංගලන්තය සිය ජනතාව සඳහා ලබා දෙනුයේ ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා හා ෆයිසර් යන එන්නත්ය. මේ වන විට තුන්වැනි එන්නත් මාත‍්‍රාව වශයෙන් ලබා දීමට එංගලන්ත ඖෂධ අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත්තේද අදාළ එන්නත් වර්ග දෙකටය. එංගලන්ත එන්නත්කරණය හා ප‍්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ අනුමැතිය ලැබුණු වහාම මෙම මස අවසානයේ සිට තුන්වැනි එන්නත් මාත‍්‍රාව අවශ්‍ය පිරිස් සඳහා ලබා දීම අරඹන බව සෞඛ්‍ය ලේකම් සජිඞ් ජවිඞ් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment