තුන්වැනි එන්නත අවශ්‍යනම් සුදානම් කරන්න… ජනපති නිලධාරින්ට උපදෙස්

168

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත‍්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා* නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
 ලොව ප‍්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත‍්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ‍්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත‍්‍රාව ලබාදීම සඳහා සූදානම්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
 ලොවපුරා සියලූ රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලූමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැුසක් නායකයන් සමඟ සාකච්ඡුා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට එන්නත් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60 ට වැඩි සියලූදෙනාට සහ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙළෙන සියලූදෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
 
 කොවිඞ් මර්දන විශේෂ කමිටුව ඊයේ (10 දා* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැුස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment