තුන්වැනි මාත‍්‍රාවක් ලෙස දීමට ෆයිසර් එන්නත් මිලියන 14 ක් ඇණවුම් කරයි

240

මෙරට ජනතාවට තුන්වැනි මාත‍්‍රාවක් ලෙස ලබා දීම සඳහා ෆයිසර් එන්නත් මාත‍්‍රා මිලියන 14 ක් ඇණවුම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

අදාළ එන්නත් තොගය සඳහා අවශ්‍ය සියලූ මුදල් ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා වන විට ලෝක බැංකුව මගින් ගෙවීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

එන්නත්කරණය සහ වසංගත රෝග සම්බන්ධ විශේෂඥ කමිටුව මගින් පසුගිය මැයි මාසයේදී තුන්වැනි මාත‍්‍රාවක් සඳහා වූ නිර්දේශය ලබාදී තිබිණි. ඒ අනුව ඇණවුම් කරන ලද අදාළ එන්නත් තොගය මාස හයකට පසු මෙරටට ලැබීමට නියමිතව ඇත.

ප‍්‍රතිශක්තිය අඩුවීමත් සමග අවදානම් තත්ත්වයට පත්විය හැකි පුද්ගලයන්ට තුන්වැනි මාත‍්‍රාවක් ලබාදිය යුතු බවට විශේෂඥ කමිටුව කළ නිර්දේශ අනුව ෆයිසර් ආයතනය සමග කළ සාකච්ඡුාවකින් පසු මෙම එන්නත් මාත‍්‍රා මිලියන 14 ලබාදීමට ඔවුන් එකඟ වූ බවද ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

එන්නත්කරණය කළ යුතු ජනගහනයෙන් සියයට 60කට මෙම මාත‍්‍රා මිලියන 14 ප‍්‍රමාණවත් බව පෙන්වා දෙන ඒ මහතා, ඒ අනුව ප‍්‍රතිශක්තිය අඩු වන බව පෙනෙන සෑම අයකුටම අඩුපාඩුවකින් තොරව තුන්වැනි මාත‍්‍රවක් ලබාදිය හැකි බවද පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment