තුන් හැවිරිදි දැරියට අතවර කළ සැකකරුට ඇප

585

අවුරුදු 03 යි මාස 06 ක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ සැකකරුවකු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා 28 වැනිදා නියම කළේය.

දැරියගේ පියා සහ මව වෙන්ව ජීවත් වන බව පොලිසිය අධිකරණය හමුවේ කීවේය. දැරිය මව භාරයේ සිටින බවත් අධිකරණ නියෝග මත දැරිය තාවකාලිකව පියාට භාරදුන් අවස්ථාවේ ලිංගික අතවරය සම්බන්ධයෙන් දැරිය පියාට පවසා ඇති බවත් අධිකරණයේදී සඳහන් විය. ළමා ආරක්ෂණ අධිකාරිය මගින් කරන ලද දැනුම්දීමක් මත මිනුවන්ගොඩ පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දෙපාර්ශ්වය අතර පවතින ආරවුල මත සිදු කර ඇති පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පි‍්‍රයන්ති ලියනආරච්චි මහත්මිය අධිකරණය හමුවේ පවසා සිටියාය.

පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදු කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරිණි. පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට අනාවරණය වුවහොත් පැමිණිලිකරුට අධිකරණය හමුවේ නඩු පවරන ලෙසටත් අධිකරණය පොලිසියට වැඩිදුරටත් නියම කළේය. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් සුදත් නන්දසිරි (38098* නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය. ජනවාරි 26 වැනිදා නඩුව නැවත කැඳවීමට නියම කෙරිණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment