තුර්කියට ඉන්දියාවෙන් සිව්වැනි සහන කණ්ඩායමත් යයි

162

තුර්කියේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත් වූවන්ට මානුෂීය ආධාර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය අධාර රැගෙන ඉන්දියාවේ සිව්වෙනි හමුදා කණ්ඩායමද පිටත්ව ගොස් ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරීන්ද්‍රම් බාචි පවසයි. ඉන්දීය යුධ හමුදාවේ 54 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මීට එක්ව සිටිති. මෙම පිරිස සමග ජංගම රෝහලක්,බරපතල තුවාල කරුවන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් ද එක්ව සිටිති. එක්ස්රේ යන්ත්‍ර,වෙන්ටිලේටර් උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණවලින් සමන්විතව මෙම පිරිස ගිය බවද බාචි පවසයි.දැනට ගොස් ඇති සෙසු කණ්ඩායම් තුන අතර ජාතික ආපදා කළමනාකරණ නිලධාරීන් ද සිටින අතර භූකම්පන හදුනා ගැනීමේ උපකරණ , විශේෂයෙන් පුහුණු කළ සුනඛයින්, පොළව හාරන උපකරණ ඇතුළු ආපදා සහන පහසුකම් සහිත බව ද සඳහන් කරයි. තුර්කියේ භූ කම්පනය සිදුවූ අවස්ථාවේ සහන සැලසීම සදහා ගිය පළමු රටවල් අතර ඉන්දියාවත් සිටින බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment