තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිපිරීමකින් 6 ක් මරුට – 81 ක් තුවාල ලබති

198

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ ජනාකීර්ණ වීදියක සිදුවූ බරපතළ පිපිරීමකින් 6 ක් මියගොස් 81 ක් තුවාල ලබා ඇත. මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව තුර්කි බලධාරීහු පැවසූහ.

අසල පිහිටි සී සී ටී වී කැමරාවක සටහන්වී තිබුණේ කාන්තාවක් ජනාකීර්ණ වීදියේ බංකුවක වාඩිවී සිට ඉන් ඉවත්වී මොහොතකට පසු පිපිරීම සිදුවී ඇති බවය. මේ ගැන සෙවීමට තුර්කි රජය නඩු අධ්‍යක්‍ෂකවරු 6 ක් පත්කර තිබේ. මෙම පිපිරීම පී. කේ. කේ. ත්‍රස්තවාදීන් කළ බවට සැක කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment