තුර්කියේ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෝ 131ක් අත්අඩංගුවට

142

තුර්කියේ සිදුවූ භූ චලනයේදී අතිවිශාල පිරිසක් මියයෑම සම්බන්ධයෙන් එරට ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවන් 131 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් අතර භූ චලනවලට ඔරොත්තු දෙන ලෙස විශාල නිවාස සංකීර්ණ ඉදිකළ කොන්ත්‍රාත්කරුවෝ 41 ක්ද වෙති. තුර්කි භූ චලනයෙන් නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලි 12141 ක් මුළුමනින්ම විනාශ වූ අතර තුර්කි රජය පැවසුවේ ගොඩනැඟිලි පරීක්‍ෂකයන් කළ අනතුරු ඇඟවීම් ගැන කොන්ත්‍රාත්කරුවෝ තැකීමක් නොකළ බවයි. මෑතකදී නව තාක්‍ෂණයෙන් යුත් මහල් නිවාස තුනක් ඉදිකර තිබූ අතර ඒවාද කඩා වැටී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment