තුර්කියේ යළිත් භූචලනයක් කම්පන 14 ක් – විශාල පිරිසක් සුනබුන් අතර

409

තුර්කි භූචලන සිදුවී පැය 18 කට පසු තවත් බරපතළ භූචලනයක් සහ කම්පන 14 ක් සිදු වී ඇත.

තුර්කි නගර 9 කට මෙම භූචලනය බලපා තිබේ. රජය හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇත.

තුර්කි රජය පැවසුවේ විශාල පිරිසක් සුන්බුන් අතර කොටු වී සිටින බවයි.

මේ වනවිට තුවාල ලබා ඇති සංඛ්‍යාව 18834 කට අධිකය. භූචලන තුනක් සිදු වී ඇති අතර එම චලන සිදු වී ඇත්තේ තුර්කි ජනතාව නිදා සිටින අතරේයි.

මෙම භූචලනය සිදුවන අවස්ථාවේ සංචාරයක නිරත වී සිටි ඝානා පාපන්දු ශුරයකු වූ ක්‍රිස්ටියන් අරපු දිවි ගලවාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ

8700ක් මියගිය බවට වාර්තා වුවත් එය 20000 ඉක්මවන බවයි.

මෙම භූචලනය සිරියාවට ද බලපා ඇති අතර ඉන් 1932ක් මියගොස් ඇත.

තුර්කිය තුළ සිදු වූ විශාලතම භූචලනය මෙයයි. රටවල් 10 කින් ජීවිතාරක්ෂක කණ්ඩායම් තුර්කියට පැමිණ ඇති අතර අධික සීතල නිසා ගලවාගැනීමේ කටයුතු අඩපන වී තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment