තුර්කියේ ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු දැනගැනීමට

146


තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකිය.

00903124271032

00905344569498

තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇත.

තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයාබැලීම් සිදුකරන අතර ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් අයෙකු පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව තානාපතිවරිය සඳහන් කළාය.

එම ප්‍රදේශයේ සිටි සෙසු 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment