තුර්කි ගම්මානයේ මිනීමැරුමේ ඝාතකයා සොයන්න විමර්ශන

504

මාතර වැලිගම තුර්කි ගම්මානය ප‍්‍රදේශයේදී නිවසකදී පෙරේදා (20 දා) රාත‍්‍රි 46 හැවිරිදි පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර පලා ගිය ඝාතකයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්බෝම්බයක්ද සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියෙකු බව කියන මිදිගම නදුන් චින්තක හෙවත් හරක්කටා සමග ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ආරවුලක් පැවති බව පොලිසිය පවසයි.

මීට වසර කීපයකට උඩදී මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාට හරක්කටා ඇතුළු හයදෙනෙකු විසින් කපා කොටා බරපතළ තුවාල සිදු කර තිබිණි.

එම සිද්ධියට අදාළ නඩු විභාගය පෙරේදා පැවති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊට සහභාගි වීමට අධිකරණයට ගොස් සිටියේය.

එහිදී රුපියල් දස ලක්‍ෂයක වන්දි මුදලක් තමාට ලබා දෙන්නේ නම් මෙම සිද්දිය සමතයකට පත්කර ගැනීමට ඝාතනයට ලක්වූ පුද්ගලයා කැමැත්ත පළ කළද හරක්කටාගේ ගෝලබාලයන් ලක්‍ෂ 5ක මුදලක් ලබාදීමට පමණක් එක`ග වීම නිසා නඩුව සමතයකට පත්වී නැත.

එම නඩුවට ඉදිරිපත් වීමෙන් පසු මෙම පුද්ගලයා තුර්කි ගම්මානය ප‍්‍රදේශයේ නිවසක වතුර පයිප්පයක් අලූත්වැඩියා කිරීමට පැමිණි අව්සථාවේ ඔහු සම`ගම සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබිණි.

මෙම ඝාතනය හරක්කටාගේ ගෝලබාලයන් කළේද එසේත් නැතිනම් වෙනත් ආරවුලක් මත සිදුවූයේද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාද ගංජා ව්‍යාපාර ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබු පුද්ගලයෙකි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, ඇන්ටන් ප‍්‍රනාන්දු, වැලිගම – අබේවික‍්‍රම

advertistmentadvertistment
advertistmentadvertistment