තුර්කි භූ චලන ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 15ක් ආරක්‍ෂිතයි තුර්කි රජය දන්වයි

83

තුර්කිය භූ චලනය සිදුවූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනකු ආරක්‍ෂිතව සිටින බව තුර්කි රජය ශ්‍රී ලංකාවට දන්වා ඇත.

එම භූ චලන ප්‍රදේශයේ සිටිය දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ අවසන් කටයුතු තුන්මක්යා ප්‍රදේශයේ දී සිදුකළ අතර ඇගේ අනන්‍යතාවය ඥාතීන්ගේ ඉල්ලීම මත හෙළිනොකරන බවද තුර්කි රජය සඳහන් කර තිබේ. මේ අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තුර්කි ජනපති රේගන් අර්බෝනස් අමතා තුර්කියට සියලු සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment