තුල්හිරිය උසාවියට ගෙනා රුඳවියෝ දෙදෙනෙක් පැනයති

30

කුරුවිට බන්ධනාගාරයේ සිට තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28දා) පෙරවරු දහයට පමණ රැගෙන ආ රැඳවියන් දෙදෙනකු තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පැන ගොස් ඇත.

සැකකරුවෝ වයස අවුරුදු 23 හා 29 වන වියේ පසු වෙති. අධිකරණ ගණනාවක ඔවුන්ට විරුද්ධව නඩු ඇති බව පොලිසිය පවසයි.

රැඳවියන් හොරණ පොලිස් වසමේ පදිංචිකරුවෝය. ඔවුන් සොයා මේ වන විට පොලිසි කිහිපයක් මගින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකරනු ලැබේ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය, සරත් ආනන්ද ලියනගේ – වරකාපොළ

advertistmentadvertistment
advertistmentadvertistment