සතොස හි සිදුවූ සුදු ලූනු වංචාව හෙලිදරව් කළ සතොස හිටපු විධායක අධ්යක්ෂක තුශාන් ගුණවර්ධන මහතා අද උදෑසන විදේශ ගතවීම සදහා කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි විට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාට අවසර ලබා දී නැත.සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බැවින් විදේශ ගතවීමට අවසර ලබා දිය නොහැකි බව සදහන් කර ඇත.ඔහු සිය පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි තිබුණි.
|